ජාතික වෙසක් උත්සවය නුවරඑළියේදී

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 02:18 - {{hitsCtrl.values.hits}}  

මෙවර ජාතික වෙසක් උත්සවය මැයි මස 10 දින සිට 16 වැනි දින දක්වා නුවරඑළියේදී පැවැත්වීමට පියවර ගෙන තිබේ.

ජාතික වෙසක් උත්සවය ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් සඳහා මුල් තැන දෙමින් ‘භජේත මිත්තේ කල්‍යානේ’ යන කළණ මිතුරන් ඇසුරු කරන්න යන තේමාව මුල්කර ගනිමින්  මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සැලසුම් කොට ඇති බවත්, ඒ සඳහා සියලු කටයුතු සුදානම් කෙරෙමින් පවතින බවත්  නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පැවසීය.

නුවරඑළියේදී පැවැත්වෙන මෙවර ජාතික වෙසක් උත්සවය නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සහ නුවරඑළිය නගර ශාලාව කේන්ද්‍ර කර ගනිමින් ප්‍රධාන උත්සවය පැවැත්වෙන බවත්, මුළු නුවරඑළිය දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි ආමිස සහ ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන දෙමින් ජාතික වෙසක් උත්සවය පැවැත්වීමට සැලසුම් කොට ඇති බවද තෙන්නකෝන් මහත්මිය පැවසුවාය.

ශාන් හුලංනුගේ/හැටන් - රංජිත් රාජපක්ෂ

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...