2024 නොවැම්බර් මස 18 පෙ.ව. 03:10 - {{hitsCtrl.values.hits}}
ජාතික ශිෂ්‍යභට බලකායේ සංවර්ධනය කටයුතු සඳහා රුපියල් මිලියන 5ක ආධාරයක් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඊයේ (21දා) ආරක්ෂක අමාත්‍යාංශය වෙත ලබාදෙන ලදි.
මෙම පරිත්‍යාගය කොළඹ චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොං මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න වෙත පිළිගන්වන ලදි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් කරන ලද ඉල්ලීමකට අනුව චීන තානාපති කාර්යාලය විසින් මෙම පරිත්‍යාගය සිදුකරන ලදි.
මනා විනයගරුක තරුණ පිරිසක් සහ අනාගත නායකයින් රටට බිහිකිරීම සඳහා ජාතික ශිෂ්‍යභට බලකායේ පුහුණු කටයුතු සංවර්ධනය ඉහළ නැංවීමේ අරමුණින් මෙම පරිත්‍යාගය සිදුකරන ලදි.
ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර සහ චීන නියෝජ්‍ය ආරක්ෂක උපදේශක කර්නල් ගාඕ බින් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |