ජුලි 27 දා ශ්‍රේණි තුනක් අරඹයි

2025 අප්‍රේල් මස 19 ප.ව. 09:38 - {{hitsCtrl.values.hits}}  

ජුලි මස 27 වන දින සිට රජයේ සියලු පාසල්  11 ,12 සහ 13 ශ්‍රේණි සිසු දරුවන් සඳහා විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.

කොවිඩ් 19  වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතු වූ නව තත්වයන් හමුවේ පාසල් විවෘත කිරීමේ දින සහ පාසල්  පැවැත්වෙන ශ්‍රේණි සහ  විභාග පැවැත්වෙන දින  සංශෝධනය කරන ලද අතර, ඒ අනුව 11 ,12 සහ 13 ශ්‍රේණි සඳහා පෙරවරු 7.30 සිට ප.ව 3.30 තෙක් පාසල් පැවැත්වේ. සෙසු ‍ශ්‍රේණි සඳහා අගෝස්තු මස 10 වැනි දා සිට පාසල් ආරම්භ කෙරේ. සිසුන් පාසල් වෙත ගෙන්වා ගැනීමේ දී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදී ඇති විශේෂ උපදෙස්වලට අනුකූලව පාසල් පවත්වාගෙන යා යුතු බව ද සියලු පාසල් බලධාරීන් වෙත අවධාරණය කෙරේ.

2020 මහ මැතිවරණයට අදාළව පාසල් සූදානම් කිරිම හා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම වෙනුවෙන් මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා සියලු පාසල්වල විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ජූලි මස 28, 29, 30, 31 දිනවල පාසලේ රැඳී සිටිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දන්වා සි‍‍ටියි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...