දකුණු ආසියාවේ ඉපැරණිතම ගල් මෙවලම් පාහියංගලින් සොයාගනී

2024 සැප්තැම්බර් මස 08 පෙ.ව. 09:10 - {{hitsCtrl.values.hits}}  

දකුණු ආසියානු වැසි වනාන්තර ආශ්‍රිත වාසභූමිවලින් හමුවන ඉපැරණිතම කුඩා ගල් මෙවලම් ශ්‍රී ලංකාවේ පාහියන්ගල ලෙනෙන් සොයාගෙන තිබේ. එම මෙවලම් වසර 45,000කට පමණ පෙර ආදි මානවයා සකසන ලද ඒවා බව හඳුනාගෙන ඇත.

වඳුරන්, ලේනුන් වැනි වෘක්ෂ ආශ්‍රිතව ජීවත් වන සතුන් දඩයම් කිරීම සඳහා මෙම ආයුධ යොදාගන්නට ඇතැයි පුරාවිද්‍යාඥ ඔෂාන් වෙදගේ මහතා පවසයි. මෙම කුඩා ආයුධ තිරිවානා වැනි පාෂාණවලින් සාදා ඇති අතර කෙළවර තියුණු උල් ආකාරය ගනී.

මෙම මෙවලම් අනුව ලබාගත් නිගමන සැලකීමේදී ආදි මානවයා විවිධ පරිසර පද්ධතීන්හි වාසය කරන්නට ඇති බවද, වැසි වනාන්තර හේතුවෙන් ආදි මිනිසාගේ ව්‍යාප්තියට බාධාවක් වී යැයි පවතින මත නිෂේදනය වන බවද  ඒ සම්බන්ධයෙන් තවදුරටත් ගවේෂණය කරන පුරාවිද්‍යාඥයෝ කියති.

(ඩේලි මේල් ඇසුරිනි)

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...