දහම් පාසල් අධ්‍යාපනයට අවුරුදු 125

2025 අප්‍රේල් මස 19 ප.ව. 07:51 - {{hitsCtrl.values.hits}}  

ගාල්ල වැලිවත්ත විජයානන්ද විහාරස්ථානයේදී පූජ්‍ය අහැලේපොල ජිනෝරස ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්යෙන් 1895/08/03 ආරම්භ කරන ලද බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනයට වසර 125ක් සම්පූර්ණ වී තිබේ.

ඒ නිමිත්තෙන් සැමරුම් උත්සවයක් එළැඹෙන 23 දා හම්බ්තොට වීරකැටිය කසාගල රාජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්, ජනපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙයි.

මෙහිදී ශිෂ්‍යත්ව ප්‍රදානය, සහතික පත්‍ර ප්‍රදානය, දහම් පාසල් සඳහා එම්.එස්. ටීම්ස් මෘඳුකාංගය හඳුන්වාදීම ඇතුළු කාර්යයන් කිහිපයක්ම සිදුවෙයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...