දින තුනට නෙලුම් කුළුනෙන් ලක්ෂ 70ක් උපයලා

2025 ජනවාරි මස 16 ප.ව. 12:24 - {{hitsCtrl.values.hits}}  

දකුණු ආසියාවේ උසම  කුළුණ ලෙස සැලකෙන නෙළුම් කුළුණ මහජනතාව විවෘත කිරීමෙන් අනතුරුව පළමු සති අන්තයේ (සෙනසුරාදා) පමණක් රුපියල් ලක්ෂ 31 කට අධික ආදායමක් හිමිවූ බව නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර්  ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීයි.

එම ආදායම ප්‍රවේශ පත්‍ර වලින් ආහාර පානවලින් සහ අනෙකුත් සේවා වලින් ලද ඒවා බවත් සමරසිංහ මහතා කීය. සෙනසුරාදා දිනයේදී විදේශිකයන් පනස් දෙනෙකු පමණ ඇතුළුව පුද්ගලයන් 7300 දෙනෙක් නෙළුම් කුළුණේ අසිරිය දැක බලා ගැනීම සඳහා පැමිණ තිබූ බව ඒ මහතා කීය.

මහජනතාව සඳහා විවෘත කල ඉකුත් 15 වැනි දින සිට ගතවූ දින තුනට ලද ආදායම රුපියල්  ලක්ෂ 70 ඉක්මවූ බවත්  එය නැරඹීම සඳහා ජනතාව දැඩි උනන්දුවක් දක්වන බවත්  විධායක නිලධාරී වරයා වැඩිදුරටත් පැවසීය

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...