දින දෙකක් උණ තියෙනවානම් වෛද්‍ය උපදෙස් ගන්න

2024 ඔක්තෝබර් මස 18 පෙ.ව. 11:31 - {{hitsCtrl.values.hits}}  

දින 02ක් ඉක්මවා උණ පවතීනම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස  ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා අවධාරණය කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ උණ රෝග ලක්ෂණ සහිත රෝග කිහිපයක් මේ වනවිට පැතිර යමින් ඇති බැවින් දින 02ක පසුවද උණ රෝගියෙකු කල් බලමින් සිටීම හේතුවෙන් එම පුද්ගලයාගේ ජීවිතය අනතුරේ හෙලීමට වුවද හැකියාව ඇති බවයි.

එසේම විවිධ හේතු ඉදිරිපත් කරමින් තමන් හෝ තම පවුලේ සාමාජිකයින්ගේ අදහස අනුව වෛද්‍යවරයෙකු හමුවීම හා රුධිර පරීක්ෂණ සිදු කර ගැනීම ඇතැම් රෝගීන් විසින් අතපසු කරමින් සිටින බවද පෙන්වා දෙන වෛද්‍යවරයා ජනතාව ලෙස මේ පිලිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බව අවධාරණය කර සිටී.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...