දෙවැනි පොල් ත්‍රි කෝණය උතුරට

2024 දෙසැම්බර් මස 30 ප.ව. 10:25 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවේ අභිනව පොල් ත්‍රිකෝණය ලෙසින් ' උතුරු පොල් ත්‍රිකෝණය ' කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය පලෙයිහි ආදර්ශ පොල් වගා උයනේදී ආරම්භ කෙරිණි.

ලෝක පොල් දිනය සැමරුමට සමගාමීව " උතුරට කප්රුක - උතුරු පොල් ත්‍රිකෝණය " යන තේමාවෙන් උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහම ඇතුලත් වන පරිදි යාපනය , මුලතිව් , මන්නාරම දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගෙන මෙම උතුරු පොල් ත්‍රිකෝණය ආරම්භ කෙරිණි.

කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී කීවෙි ඉදිරි වසර පහ ඇතුලත මෙරට පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම ඇමෙරිකා ඩොලර් බිලියන 2 දක්වා ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බවයි.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...