නැකතට පැළයක් සිටුවීමේ නැකත හෙට

2025 ජනවාරි මස 08 පෙ.ව. 09:27 - {{hitsCtrl.values.hits}}  

2023 සිංහල හා දෙමළ අලුත් අවූරුදු නැකැත් චාරිත්‍ර අතර අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත හෙට දිනට (20) යෙදී තිබේ.‍

හෙට දින පෙරවරු 6.38ට යෙදෙන පැළ සිටුවීමේ නැකත තුළ ඵලයක් දෙන බහුවාර්ෂික බෝග පැළයක් රෝපණය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය රටවැසි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නැකතට පැළයක් - ඵලයක් දෙන පැළයක් සිටුවමු තේමාව යටතේ මෙවර පැළ සිටුවීමේ නැකත සැමරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සියලු කටයුතු යොදා තිබේ.

මෙහි ප්‍රධාන උත්සවය හෙට දින (20) පෙරවරු 6.38ට අඟුනකොළපැලැස්සගොවි ජන සේවා මධ්‍යස්ථානයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එමෙන්ම ඊට සමගාමීව කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලුම දෙපාර්තමේන්තු, සංස්ථා, අධිකාරි  හා මණ්ඩල හා ඒවායේ ප්‍රාදේශීය කාර්යාලවල ද පැළ සිටුවීමේ චාරිත්‍රය නැකතට ඉටු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් ලබා දී ඇත.

මේ සම්බන්ධව අදහස් පළ කරන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර අතර අවසන් චාරිත්‍රය වන මෙම නැකත තුළ රටේ ආහාර නිෂ්පාදනයට හේතු වන මෙන්ම පරිසර හිතකාමී බහුවාර්ෂික බෝගයක් රෝපණය කිරීම සියලුම රාජ්‍ය ආයතනවල හා පුද්ගලික ආයතනවල ද සිදු කරන ලෙස ඉල්ලීමක් කරයි.

අදාල නැකැත් වේලාව තුළ  පැළයක් රෝපණය කිරීමට නොහැකි වුවත් හෙට (20) දිනය තුළ කුමන අවස්ථාවක දී හෝ පැළයක් රෝපණය කර මෙම රුක්රෝපණ ජාතික මෙහෙවරට දායකත්වය ලබා දෙන ලෙස ද ඇමැතිවරයා ඉල්ලා සිටී.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...