නැවේ ගින්න නිවා දමයි

2025 අප්‍රේල් මස 19 ප.ව. 07:45 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදුදේදී ගිනි ගැනීමට ලක්වූ තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ. නාවික හමුදාව උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේය.

මේ අතර මෙහෙයුමට එක්ව සිටි ඉන්දිය නෞකාවක කපිතාන්වරයෙක් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍යයද සඳහන් කළේ නැවේ ගින්න පාලනය කර ඇති බවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය වෙරළාරක්ෂක බළකාය ඇතුළු පාර්ශ්ව කිහිපයක් එක්ස පසුගිය 03 දා ගිනි ගැනීමට ලක්වූ මෙම නෞකාවේ ගින්න පාලනය කිරීම වෙනුවෙන් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළේය.

මීට සුළු මොහොතකට පෙර ඉන්දීය නාවික හමුදාව සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ වීඩියෝවක් ප්‍රදර්ශනය කර තිබූ අතර එහිදී නැවේ දුමාරය නැවතී ඇති අයුරු දක්නට ලැබුණි.


ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්වූ තෙල් ප්‍රවාහන නෞකාවේ අලුත්ම ඡායාරූප ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිකුත් කර තිබේ. තවදුරටත් නාවික හමුදා යාත්‍රා මගින් ගින්න පාලනය කිරීමට කටයුතු කරන අයුරු එම ඡායාරූප වල දැක්වෙයි.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...