2025 අප්‍රේල් මස 19 පෙ.ව. 11:21 - {{hitsCtrl.values.hits}}
පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේ දී පදිංචිය සහතික කිරීම සඳහා ඔප්පුවක් නොමැති අවස්ථාවලදි වසර පහක් අඛණ්ඩව ඡන්ද නාමලේඛනයේ නම සඳහන් වීමත් ප්‍රදේශයේ ග්‍රාම සේවක නිලධාරි ඇතුළු බලධාරින් විසින් පදිංචිය තහවුරු කිරීමත් ප්‍රමාණවත් බවට අමාත්‍ය මණ්ඩලය තීරණ කර තිබේ.
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේ දී ඔප්පුක් ඉදරිපත් කළ හොත් ලකුණූ 20ක් ලබාදෙන බවත්, ඔප්පුව නොමැතිනම් පාසලට ආසන්නයේ පදිංචි දරුවන්ට පවා පාසල අහිමි වන බවටත් අධ්‍යාපන ඇමති ජි.එල් පීරිස් මහතා ඉදරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.
නිශ්චිත ඔප්පු නැති අය වෙනුවෙන් මෙම නීතිය ඇතුළත් චක්‍රෙල්ඛනය ඉදරියේදී නිකුත්කරන බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.
![]() |
diary Read more... |