ප්‍රංශය වාර්තාගත උණුසුම්ම වසර ලෙස 2022 නම් කරයි

2024 සැප්තැම්බර් මස 08 පෙ.ව. 08:57 - {{hitsCtrl.values.hits}}  

ප්‍රංශය කාලගුණික දත්ත ලබාගැනීම ආරම්භයේ සිට මේ දක්වා වාර්තා උණුසුම්ම වසර අත්විඳ ඇති බව එරට ජාතික කාලගුණ සේවය ප්‍රකාශ කළේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පිළිබඳ අවදානම ඉහළ නංවමිනි.

දේශගුණික විපර්යාස හේතුවෙන් උග්‍ර වූ වියළි කාලගුණික තත්ත්වය මේ වසරේ ලොව පුරා ප්‍රජාවන් වෙත දැඩි හානි ගෙනදුන් අතර, යුරෝපය පුරා අධික උණුසුම සහ නියඟය ඇතුළුව, භෝග හානිය, ලැව්ගිනි ඇති කිරීම සහ ප්‍රධාන ගංගා සිඳී යාම දැකගත හැකිවිය.

"දෙසැම්බර් මාසය ඉතා සීතල වුවද අවම වශයෙන් 1900 සිට මිනුම් ආරම්භ වූ දා සිට නිසැකවම මේ දක්වා ප්‍රංශයේ වාර්තා වූ උණුසුම්ම වසර මෙය වනු ඇති." ප්‍රංශයේ Meteo හි දේශගුණ විද්‍යාඥ මැතිව් සොරෙල් පවසා සිටියේය.

නරේන් විශ්වජිත්

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...