2025 ජනවාරි මස 15 ප.ව. 09:10 - {{hitsCtrl.values.hits}}
වත්තේගම අධ්‍යාපන කලාපයේ, පාතදුම්බර මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ හිසවෙස් තැබීමේ සහ ශිර්ෂාභරණ පැළදීමේ ‘නර්තනාභිෂේක කල එළි මංගල්‍යය' කුණ්ඩසාලේ, මහමෙව්නාව භාවනා අසපුවේ ප්‍රධාන ශාලාවේදී පසුගිය දා (09) පැවැත්විණී.
වත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ මනෝජ් සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි.
මෙම නර්තනාභිෂේක කල එළි මංගල්‍යයේදී සිසු දරුවන් 10 ක් සහ සිසු දැරියන් 21කගේ හිසවෙස් තැබීමේ සහ ශිර්ෂාභරණ පැළදීම සම්ප්රදානුකූල සිරිත් හා විරිත් අනුව සිදුකෙරිණී.
පාතදුම්බර මහා විද්‍යාලයේ ද්‍යාලයේ විදුහල්පති මේජර් එච්.එම්.එන්.ඒ.කේ. සමරකෝන් මහතාගේ මෙහෙයවීමෙන් විද්‍යාලයේ නර්තන අංශයේ අනුෂා සමරකෝන්, ශාමලී අබේසිංහ යන මහත්මීන් ඇතුලු ආචාර්ය මණ්ඩලයේ සංවිධානයෙන් උත්සවය පැවැත්විණී.
මෙම අවස්ථාව සඳහා පන්විල කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ සරත් වීරසිංහ, විශ්‍රාමික සහකාර අධ්‍යාපන අධ්යක්ෂ ශාන්ත තෙන්නකෝන්, වත්තේගම කලාපයේ නර්තන ගුරු උපදේශකවරුන්, විදයාලයේ ආචාර්ය මණ්ඩලය, ආදී සිසුන්, දෙමාපියන් හා සිසු දරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |