පාපන්දු ලෝක කුසලානය අද ශ්‍රී ලංකාවට

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 07:55 - {{hitsCtrl.values.hits}}  

මේ වසරේදී රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සමගාවීම එහි ජයග්‍රාහකයන් වෙනුවෙන් ලබාදෙන ලෝක කුසලානය ලෝකයේ රටවල් වල ප්‍රදර්ශනය කිරීමට සමගාමීව එම කුසලානය ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතය.

ඒ සඳහා විශේෂිත ගුවන් යානයක් සූදානම් කර ඇති අතර අද සවස කුසලානය රැගෙන එම යානය කටුනායක ගුවන් තොටුපොළට ළගා වීමට නියමිතය. කුසලානය රටවල් 51ක් තුළ ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද රාත්‍රියේ කුසලානය මහ ජනතාවට ප්‍රදර්ශනය කිරීම නිල වශයෙන් සිදුකිරීමට නියමිතය. හෙට එය මහජනතාවගේ දැක ගැනීම වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශයේ තැබීමට නියමිතය.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...