2025 ජනවාරි මස 17 පෙ.ව. 03:45 - {{hitsCtrl.values.hits}}
පාසල් පරිශ්‍රය සුරක්ෂිත බවත් දරුවන් පාසලට එවීමට කිසිදු බියක් සැකක් ඇති කරනොගන්නා ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දෙමාපියන්ට පණිවිඩයක් ලබා දෙමින් 20 දින පැවසිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු උපුල් රෝහන මහතා මෙසේ ද පැවසිය.අපි දෙමාපියන්ට වගකිමේන් දැනුම් දෙනවා යම් සිදුවීමක් වුවහොත් ඊට අවශ්‍ය කඩිනම් පියවර ගන්න පාසල තුළ සහ පාසලින් පිට සියලුම සැලසුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව.
පාසල තුල දරුවාට අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය මාර්ගෝපදේශ දරුවා නිවසින් පිටත් කර කරන්නේ කොහොමද, පාසල කරා පැමිණෙන ආකාරය, පාසල තුළ කටයුතු කරන්නේ කොහොමද සහ සවස දරුවාව පාසලෙන් බැහැරව නිවසට ගෙන යන්නේ කොහොමද කියලා විධිමත් මාර්ගෝපදේශයන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව නිකුත් කර තියෙන්නෙ.
ඒ මාර්ගෝපදේශයන් අනුව පාසල පවත්වාගෙන යන්න කටයුතු කරනවා. ඒ වගේම අද පටන් ගන්න පාසල් සියල්ලම කොට්ඨාස භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙ සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙ අධීක්ෂණය කිරීමට නියමිතයි.
යම් අඩු අඩුපාඩුවක් මගඟහැරීමක් දැක්කොත් අපි ඒ සම්බන්ධව නිවැරදි කරන්න කටයුතු කරනවා.
ඒ වගේම දරුවන් පාසලට එවන්න කිසිදු බියක් සැකක් ඇති කර ගන්න එපා මින් පෙර පාසල තුළ පොකුරු හෝ යම් ආසාදිතයන් වාර්තා වුණේ නැහැ.ඒ නිසා ඔබ දරුවා එවන්නේ සුරක්ෂිත පාසලකට.
ජනතාව සෞඛ්‍ය නීතිරීති පිළිපැදීම ඉතාම දුර්වල මට්ටමක පවතිනවා.නුවරඑළිය, ගාල්ල ,මාතර , හම්බන්තොට, යාපනය,අනුරාධපුරය යන ප්‍රදේශවලට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සෞඛ්‍යය නීතිරීති උල්ලංඝනය කරමින් ජනතාව කටයුතු කරන බවට පැමිණිලි රාශියක් පැමිණ තිබෙනවා.
ඉදිරියේදී මෙම සංචාරණ සීමා කොතරම් දුරට ලිහිල් වෙනවා ද යන්න තීරණය වෙන්නේ ජනතාව සෞඛ්‍ය නීතිරීති කොතරම් දුරට පවත්වාගෙන යන්නේ ද යන්න පදනම මතයි.
ඒ හේතුවෙන් ජනතාව සිය වගකීම් නිසියාකාරව ඉටු නොකළොත් වසංගත පාලනය කිරීමට නොහැකිවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |