පාසල් භෞතික හා යටිතල පහසුකම් සංවර්ධනයට ඉන්දීය සහාය

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 06:06 - {{hitsCtrl.values.hits}}  

පාසල් සංවර්ධනය වෙනුවෙන්

ඉන්දීය රජයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා කළ ඉල්ලීම ඵලදරයි

 

උතුරු නැගෙනහිර සහ වතුකරයේ පාසල්වල භෞතික හා යටිතල පහසුකම් සංවර්ධනයට මූල්‍යාධාර ලබාදීමට  ඉන්දීය රජය සහාය පළ කර තිබේ.

අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බෑග්ලේ මහතා ඇතුළු නියෝජිත පිරිසක් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ හමුවක දී මෙම එකඟතාව පළ කළේය.

ඉන්දියානු-ශ්‍රී ලංකා දෙරට අතර මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස, පාසල් පද්ධතිය සංවර්ධනය වෙනුවෙන් මෙම  මූල්‍යාධාර ලබා දීමට එකඟතාව පළ කර ඇත.

උතුරු නැගෙනහිර සහ වතුකරයේ පාසල්වලට මෙන් ම සංවර්ධන අවශ්‍යතා සහිත දිවයිනේ සෙසු පාසල් නඟාසිටුවීම වෙනුවෙන් ද සහාය වන ලෙස එහි දී අධ්‍යාපන අමාත්‍යවරයා ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි අතර, ඒ අනුව ඉදිරියේ දී සෙසු පාසල්වල සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් ද ඉන්දීය රජයේ සහයෝගය ලබා දෙන බව මහකොමසාරිස්වරයා සඳහන් කළේය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...