2024 දෙසැම්බර් මස 22 ප.ව. 10:23 - {{hitsCtrl.values.hits}}
පේරාදෙණිය විශ්ව විද්‍යාලය නමින්නශ්‍රී ලංකාවට ආවේණික නව කෙටල/ කෙතල විශේෂයක් සහ එහි ප්‍රදේශ දෙකක් නම් කොට ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පවසයි .
වයඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක ඉන්ද්‍රකීල මාදොල මහතා , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දීප්ති යකන්දාවල මහත්මිය සහ වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ ජේෂ්ඨ මහාචාර්ය කපිල යකන්දාවල මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් ලංකාවට ආවේණික නව කෙටල විශේෂයක් සහ එහි ප්‍රභේද දෙකක් සහිතව හඳුන්වාදී ඇත .
මෙම නව විශේෂය Lagenandra Peradeniya නමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගෞරව පිණිස නම් කර ඇති අතර එහි තවත් ප්‍රභේද දෙකක්ද ඇති බව එම පර්යේෂණ පත්‍රිකාව මගින් තහවුරු කොට තිබේ .
මෙය ශ්‍රී ලංකාවේ තෙත් කලාපය බස්නාහිර පලාත ආශ්‍රිතව ඉතාම ඉතා ම සීමිත ගණනකින් පමණක් වාර්තා වන අතර එම නිසාම අන්තර් ජාතික රතු දත්ත වර්ගීකරණ නිර්ණායක වලට අනුව අතිශය අන්තරායට ලක්වූ විශේෂයක් ලෙස වර්ගිකරණය කර ඇත .
මෙම හඳුන්වාදීමත් සමඟ ලංකාවට ආවේණික කෙටල විශේෂ සංඛ්‍යාව 13 දක්වා ඉහළ යන අතර ලෝකය පුරාම හමු වන මුළු කෙටල විශේෂ ගණන 20 ක් දක්වා ඉහළ යනු ඇත .
මෙය දකුණු ආසියානු කලාපය තුළ පමණක් හමුවෙන ශාක විශේෂයක් වන අතර මිරිදිය ජලාශ්‍රිත ප්‍රදේශවල දැකිය හැකි මෙම ශාක විශේෂය විසිතුරු ජලජ ශාකයක් ලෙස එකතු කිරීම , ජලය අපවිත්‍ර වීම , ශාකයට අවශ්‍ය වාසස්ථාන විනාශ වීම ඇතුළු කරුණු රාශියක් හේතුවෙන් මෙම ශාකය දැඩි තර්ජනයකට මුහුණදී තිබේ .
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |