බැද්දගාන තෙත් බිම් උද්‍යානය තාවකාලිකව වසා දමයි

2024 දෙසැම්බර් මස 26 ප.ව. 07:24 - {{hitsCtrl.values.hits}}  

වැසි සහිත කාලගුණක තත්ත්වය හේතුවෙන්  බැද්දගාන තෙත්බිම් උද්‍යානය  තාවකාලිකව වසා දැමීමට  නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ. පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන්  අනපේක්ෂිත  අයුරින්  ජල මට්ටම ඉහළ යාම නිසා  මෙම තීරණය  ගත් බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. කලගුණ විද්‍යා  දෙපාර්තමේන්තු  තොරතුරු අනුව ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වය වැඩි වීමේ තත්ත්වයක් පවතින හෙයින්  මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය මෙම  පියවර ගෙන තිබේ.

මේ කාලයේදී උද්‍යානය වෙත පිවීසීමෙන් වළකින ලෙස මහජනතාවට දැනුම් දෙනු ලබන නාගරික සංවර්ධන අධිකාරීය වැඩි දුරටත් පවසනුයේ වැසි සහිත කාලගුණික තත්ත්වය පහව ගිය පසු නැවත උද්‍යානය මහජනතාවට විවෘත කරන බවයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...