මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකාවේ ශිෂ්‍යත්වය සමතුන් ඇගයේ

2025 අප්‍රේල් මස 08 පෙ.ව. 04:10 - {{hitsCtrl.values.hits}}  

මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසලේ 2024 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ  ශිෂ්‍යාවන් ඇගයීමේ  උලෙළ මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ( පාලන), මාතලේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සංජය විජයරත්න සහ විද්‍යාලයේ විදුහල්පතිනී ජානකී රත්නවීර  මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

 සිසු දැරියන්ගේ දැනුම ආකල්ප වර්ධනය වන ගායන,වාදන, නර්තන අංග වලින් විචිත්‍රවත් වූ මෙම උලෙළේදී 2024 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිට ලකුණු 70 සීමාව ඉක්මවූ ශිෂ්‍යාවන්117 දෙනෙක් ඇගයීමට ලක්වූ අතර කඩයිම් ලකුණු පසුකළ ශිෂ්‍යාවන් 37දෙනෙකු උදෙසා ත්‍යාග සහ සහතික පත් පිරිනැමීම එහිදී සිදුවිය.

 විදුහලේ ප්‍රාථමික අංශය භාර සහකාර විදුහල්පති සමිලා හේරත් මිය ඇතුළු ප්‍රාථමික අංශයේ ගුරුභවතුන්  සහ දෙමාපියන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...