මානව සම්පත් සංවර්ධනයට චීන සහය

2025 අප්‍රේල් මස 19 ප.ව. 07:49 - {{hitsCtrl.values.hits}}  

මෙරට ද්විතීය අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ සංවර්ධනය වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජන චීන සමූහාණ්ඩුවේ වැඩ බලන තානාපති හූ වෙයි මහතා සහ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි එල් පීරිස් මහතා අතර පසුගියදා සාකච්ඡාවක් පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන ඇති ක්‍රියා මාර්ග සාර්ථකව ක්‍රියාවට නැංවීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් සඳහා චීන රජයට ලබාදිය හැකි සහයෝගය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය තුළ ද්විතීක අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ  සංවර්ධනය වෙනුවෙන් චීන රජයෙන් අපේක්ෂා කරන සහයෝගය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ දැනට යෝජිත කාර්මික සහ ආයෝජන කලාපය තුළ ඖෂධ නිෂ්පාදනය සහ ටයර් කර්මාන්තශාලාව ප්‍රමුඛ කොටගත් සංවර්ධන ක්‍රියාමාර්ග වෙනුවෙන් මානව සම්පත් සංවර්ධනය කිරීම සඳහා වන වෘත්තීය නිපුණතා ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

සංවර්ධන ව්‍යාපෘති වේගයෙන් ඉදිරියට ගෙන යාම සඳහා ඉදිකිරීම් සහ සැපයුම් ක්ෂේත්‍රයේ නිපුණතා සංවර්ධනය ද විශේෂයෙන් ම අවශ්‍ය වන බව මෙහිදී පෙන්වා දෙන ලදී. ඒ සඳහා නිපුණතා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ දෙපාර්ශවයේම එකඟතාව පළ වූ අතර ඉදිරි මාස කිහිපය තුළ මේ සඳහා කඩිනම් පියවර ගැනීමට ද එකඟත්වය පළ කෙරිණි.

මෙම ක්ෂේත්‍රයන්හි ධනාත්මක ප්‍රතිඵල අත්පත් කර ගැනීමට දෙරට අතර සුහදතාව හා අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කර ගනිමින් කටයුතු කිරීමට තමා තුළ යි මහත් උද්යෝගයක් පවතින බවද චීන තානාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ඉදිරියේදී මේ සම්බන්ධව වීඩියෝ සංවාද මගින් තවදුරටත්  සාකච්ඡා කිරීමට ද, දෙරට අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වයේ නිලධාරීන් අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමටද මෙහිදී එකගත්වය පළ විය.

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...