මුතු රාජා ලංකාවෙන් යයි

2024 ඔක්තෝබර් මස 18 ප.ව. 01:43 - {{hitsCtrl.values.hits}}  

තායිලන්තය විසින් මීට වසර 22  කට පෙර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ මුතු රාජා හෙවත් " සක්සුරින් " 07/02 දින උදෑසන යළිත් ආපසු තායිලන්තය වෙත රුසියානු විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් රැගෙන ගියේය .

මෙම ඇතා අලුත්ගම , කන්දෙවිහාරය වෙත රැක බලා ගැනීම සදහා භාර දී තිබුණි . මෙම ඇතා ගුවන් මගින් රැගෙන යාම සදහා රුසියාවේ ඉලුෂියන් - 76 වර්ගයේ , ඇංජින් 04 කින් බල ගැන්වෙන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් 06/30 දින රාත්‍රී 11.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

විශේෂයෙන් සකස් කරන ලද කූඩුවක බහා මෙම ඇතා 07/02 දින අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ඉතා පරිස්සමෙන් රැගෙන ඒමට පියවර ගෙන තිබුණි .

ඉන් අනතුරුව 07/02 දින අලුයම 04.30 ට පමණ මෙම ඇතා ගුවන් යානය වෙත පැටවීම සිදු කෙරුණි.

රුසියානු  එවියාකොන්  සිටොට්‍රාන්ස් ගුවන් සේවයේ ( Aviacon Zitotrans )  ඒ.එසෙඩ්.එස්.- 5701 ( AZS - 5701 ) දරන ගුවන් යානය 07/02 දින උදෑසන 07.30 කටුනායක ගුවන් තොටුපොළෙන් , තායිලන්තයේ බැංකොක් නුවර " ෂියන්මායි" ගුවන් තොටුපොළ බලා පිටත්ව ගියේය. මෙම ගුවන් ගමන සදහා පැය 05 ක පමණ කාළයක් ගත වන බව සදහන් වේ.

 

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...