මෙරට අධ්‍යාපන පද්ධතිය සංවර්ධනයට ඇමරිකානු රජයේ සහාය

2025 අප්‍රේල් මස 19 ප.ව. 07:57 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් ඇමරිකානු රජය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ ඇමරිකානු තානාපති Alaina B. Teplitz මහත්මිය අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ හමුවක දී අනාවරණය විය.

එහි දී ඇමරිකානු තානාපති Alaina B. Teplitz මහත්මිය පැවසූයේ, මෙරට පාසල් පද්ධතිය තුළ ඉංග්‍රීසි අධ්‍යාපනය නඟාසිටුවීම සහ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ (NITA) පුහුණුව ලබන සිසුන් වෙත ඉංග්‍රීසි අධ්‍යාපන පාඨමාලා සැලසුම් කර ක්‍රියාවට නැංවීමට ඇමරිකානු තානාපති කාර්යාලයේ සහාය ලබාදිය හැකි බවයි.

එමෙන් ම නව රජය විසින් අධ්‍යාපන පද්ධතිය තුළ ඉදිරියේ දී සිදුකරනු ලබන සංවර්ධන ක්‍රියාදාමයන් වෙනුවෙන් ඇමරිකාවේ පූර්ණ සහයෝගය ලබාදිය හැකි බව ද, සහාය අවශ්‍ය කරන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තොරතුරු ඒ සඳහා ලබා දෙන මෙන් ද මෙහිදී තානාපතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...