මෙරට වගා කළ කොළ ඇපල් හී මුල් ඵලදාව ජනපතිට

2024 නොවැම්බර් මස 18 පෙ.ව. 04:54 - {{hitsCtrl.values.hits}}  

මෙරට වගා කළ කොළ ඇපල් හි මුල් ඵලදාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (20දා) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.

එම්.පී. ලක්ෂ්මන් කුමාර ගොවි මහතා විසින්  ගල්ගමුව, තඹුත්තේගම  ප්‍රදේශයේ අක්කර දෙකක මෙම ඇපල් වගාව සිදු කර තිබේ.

ඇපල් වගාව පිළිබඳව ගොවි මහතාගෙන් තොරතුරු විමසූ ජනාධිපතිවරයා තමන් ඉදිරියේදී එම ඇපල් වගාව නැරඹීමට එන බව  පැවසීය. 

ලක්ෂ්මන් කුමාර ගොවි මහතා සඳහන් කළේ ඇපල් බීජ මෙරටට ගෙන්වා නව පරීක්ෂණයක් සිදු කර වගාව ආරම්භ කළ බවත්, අක්කර දෙකක සරු ඵලදාවක් මේවන විටත් ලැබී ඇති බවත්ය.

කොළ ඇපල් පිළිගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි රස බැලීමට ද අමතක නොකළේය. 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...