යුද හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව ස්ථාපිත කරයි

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 11:06 - {{hitsCtrl.values.hits}}  

අනාගත අභියෝගයන්ට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව වැදගත් සංධිස්ථානයකට අවතීර්ණ වෙමින් යුද හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව පසුගියදා ආරම්භ කරන ලදි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් යුද හමුදා මූලස්ථානයෙදී මෙහි සමාරම්භය සනිටුහන් කරන ලදි.  නවීන ඩ්‍රෝනවලින් සමන්විත මෙම රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව හා සහසම්බන්ධතාවයකින් ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සිය නවතම අංශය  15 වන ඩ්‍රෝන් රෙජිමේන්තුව (එස්එල්ඒ) ලෙස  නම් කර ඇත.

එහිදි අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා පවසා සිටියේ වේගයෙන් වෙනස් වන තාක්‍ෂණික දියුණුව හා නව අභියෝග සඳහා හමුදාව සූදානම් කිරීමට සූදානම්ව සිටින අවස්ථාවක  යුද තත්ත්වය, ස්වාභාවික හා මිනිසා විසින් ඇති කරන ලද ව්‍යසන, ගංවතුර වැනි මෘදු මෙහෙයුම් ප්‍රවණතා සලකා බලමින් උදාහරණයක් ලෙස COVID-19 වැනි වෙනත් ව්‍යසන, විශේෂ හදිසි අවස්ථා, රසායනික යුද්ධ, ප්‍රජා ආසාදිත වසංගත පැතිරීම. ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින තාක්‍ෂණික නවෝත්පාදනයන් සමඟ යුධ හමුදාවේ 'ඉදිරි උපායමාර්ගය' අත්වැල් බැඳ ගත යුතු බැවින් මෙම ඩ්‍රෝන රෙජිමේන්තුව ආරම්භ කළ බවය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...