රජයේ පාසල්වලට අනුයුක්ත සංවර්ධන නිලධාරි ගැටළුවට විසඳුමක්

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 12:30 - {{hitsCtrl.values.hits}}  

2019 වර්ෂයේ දී රජයේ පාසල්වලට පුහුණුවීම සඳහා අනුයුක්ත කළ උපාධිධාරි සංවර්ධන නිලධාරීන් 23,000ක පිරිසකගෙන් 7,000ක් පමණ දැනටමත් පළාත් මට්ටමින් ගුරු සේවයට බඳවා ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඉතිරි 16,000ක් පමණ වන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩු නිසා ප්‍රමාද වී ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.

එහෙත් මෙම ප්‍රශ්නය කඩිනමින් විසඳීම සඳහා පාර්ශව සමඟ එකඟතාවක් ඇති කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදුව රාජ්‍ය සේවා කොමිසමේ නිරීක්ෂණ සැලකිල්ලට ගෙන එම නිරීක්ෂණ සතියක් තුළ නැවත සලකා බැලීමට දන්වා යැවීමටත් තීරණය වු අතර ජනාධිපතිතුමා විසින් මෙම ගැටළුව විසඳන බවටත් දන්වන ලදැයිද අමාත්‍යාංශය කියයි.

ඒ අනුව කඩිනමින් මේ ගැටළුව විසඳා ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...