රාජ්‍ය සේවිකාවන්ට ගැලපෙන ඇඳුමකට ඉඩක්

2025 අප්‍රේල් මස 09 පෙ.ව. 01:49 - {{hitsCtrl.values.hits}}  

පවතින ආර්තික අර්බුදය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවිකාවන්ට ආයතනයට ගැලපෙන ලෙස සුදුසු ඇඳුමක් පැළඳගෙන ඒමට අදාළව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

නිල ඇඳුම් හෝ නිල ඇඳුම් දීමනාවක් හිමි නොවන රාජ්‍ය සේවිකාවන්ට බලපැවැත්වෙන ලෙස මෙම චක්‍ර ලේඛය නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර ඒහෙත් පාසල් ගුරුවරියන්ට බල නොපැවැත්වෙන ලෙස මෙම චක්‍ර ලේඛය නිකුත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

බොහෝ රාජ්‍ය ආයතන විසින් කාන්තාවන්ට සාරිය පැළඳගෙන රාජකාරියට වාර්තා කළ යුතු බවට උපදෙස් ලබාදිම සිදුකර තිබෙන අතර පවතින ආර්තික අර්බුදය හමුවේ සාරියක් මිලදී ගැනීමට විශාල මුදලක් වැයවන බවට රාජ්‍ය සේවිකාවෝ චෝදනා කරති.

මේ නිසා අදාළ ආයතනයට ගැලපෙන සුදුසු ඇඳුමක් පැළඳගෙන සේවයට වාර්තා කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳ රජයේ අවධානය යෙමුව තිබේ.

මේ අනුව සාරිය හෝ ඔසරිය හෝ ආයතනයට ගැළපෙන සුදුසු ඇඳුමක් පැළඳගෙන සේවයට වාර්තා කිරීමට හැකිවන ආකාරයට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට නියමිතව තිබේ. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...