2025 ජනවාරි මස 08 පෙ.ව. 08:56 - {{hitsCtrl.values.hits}}
නුවරඑළිය නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේදී පසුගිය දා කොළඹ තර්ස්ටන් විදුහලේ සිසුන් පිරිසක් වාර්ෂික අධ්‍යාපන චාරිකාවක රැගෙන ගිය බස් රථයක් අනතුරට පත්වීමෙන් ජිවිතක්ෂයට පත්වුවන්ගේ පවුල් වලට සහ තුවාල ලැබුවන්ට මුදල් ආධාර ලබාදීමට තර්ස්ටන් විදුහලේ සිසුන්, අදි සිසුන් ඇතුළු පිරිසක් පියවර ගෙන තිබේ.
එම මුල්‍ය ආධාර පරිත්‍යාග කිරීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා සහ තර්ස්ටන් විදුහලේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (03) දින සවස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙදි පැවැත්විණි.
මෙම අනතුරින් වෑන් රථයේ ගමන් ගත් හය දෙනකු සහ ත්‍රිරොද රථයේ ගමන්ගත් එක් අයකු ජිවිතක්ෂයට පත්වු අතර වෑන් රථයේ ගමන් ගත් පාසල් දැරියක පමණක් මේ වන තුරුත් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
ඇයගේ පවුලේ සියළු දෙනාම මෙම අනතුරින් ජිවිතක්ෂයට පත්ව තිබේ. ඇගේ ඉදිරි කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 8 ක බැංකු තැම්පතුවක් මෙහිදි ප්‍රධානය කිරීම සිදුවිය. ඊට අමතරව ජිවිතක්ෂයට පත්වුවන්ගේ පවුල් වලට සහ තුවාල ලැබුවන්ටද මුදල් පරිත්‍යග කිරීම මෙහිදි සිදුවු අතර සමස්ථ මුල්‍යමය පරිත්‍යාගවල වටිනාකම රුපියල් ලක්ෂ 17 ක් පමණ වේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |