2024 දෙසැම්බර් මස 22 ප.ව. 04:42 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාවට ආවේණික කෙතල (කෙටල) විශේෂයක් ගාල්ල, හියාරේ වන රක්ෂිතයෙන් සොයාගැනීමට හැකි වූ බව පර්යේෂකයෝ පිරිසක් කියති.
මෙම පර්යේෂණය සිදුකළ ඉන්ද්රඛීල මාදොල, මහාචාර්ය දීප්ති යකන්දාවල සහ මහාචාර්ය කපිල යකන්දාවල ඒ පිළිබඳ ජාත්‍යන්තර Phytotaxa නමැති උද්භිද විද්‍යා සඟරාවේ ප්‍රකාශයට පත්කර තිබේ.
මේ සොයාගැනීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් හමුවන කෙතල විශේෂ සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ යන අතර ඉන් විශේෂ 13ක් ම ශ්‍රී ලංකාවට ආවේණික වෙයි.
පර්යේෂකයන් පවසන්නේ මෙම නව කෙතල විශේෂය Lagenandra limbusleviterapertae ලෙස නම්කරන ලද බවයි. මේ දක්වාම ගාල්ල හියාරේ ජලාශය ආශ්රිත වනාන්තර ප්‍රදේශයෙන් හැර ලොව වෙනත් කිසිම ස්ථානයකින් මෙම නව විශේෂය වාර්තා වී නැති බැවින් එම විශේෂය සිංහල භාෂාවෙන් “හියාරේ කෙතල” යනුවෙන් නම් කිරීමට ද පර්යේෂකයෝ කටයුතු කළහ.
මීට පෙර මෙම ශාකය හියාරෙන් හමු වී තිබුණ ද එකල එය හඳුනාගෙන තිබුණේ කෙතල වර්ගයක් නොව කෙකටිය වර්ගයක් ලෙසිනි. එම අවස්ථාවේ Aponogeton crispus නමැති කෙකටිය විශේෂය ලෙස හඳුනාගෙන තිබූ මෙම ශාකය 1987 වර්ෂයේ දී කෙකටිය විශේෂයක් නොව Lagenadra koenigii නමැති කෙතල විශේෂය ලෙස හඳුන්වා තිබිණි.
ඉන්ද්රඛීල මාදොල ඇතුළු පර්යේෂකයන් 2018 වර්ෂයේ දී මෙම ශාකය හියාරේ රක්ෂිතයේ තිබෙනු දැක එහි නිදර්ශකයක් සියුම්ව පරීක්ෂා කිරීමේ දී එතෙක් සිතාසිටි පරිදි එම විශේෂය Lagenadra koenigii විය නොහැකි බව තහවුරු කර ගැණිනි. ඒ අනුව ඉන්ද්රඛීල මාදොල, මහාචාර්ය දීප්ති යකන්දාවල සහ මහාචාර්ය කපිල යකන්දාවල දෙදෙනාගේ උපදෙස් සහ මඟ පෙන්වීමත් සහිතව වෙනත් කෙතල විශේෂ සමඟ සන්සන්දනය කරමින් මේ සම්බන්දව පර්යේෂණ සිදුකර තිබේ.
එහි දී ඔවුන් තහවරු කරගත්තේ හියාරේ රක්ෂිතයේ ඇති මෙම ශාක විශේෂය මෙතෙක් ලෝකයේ කිසිම ස්ථානයකින් හමුවූ බවට විද්‍යාත්මකව සනාථ කළ දත්ත නොමැති බවයි. ඒ අනුව ඔවුහු එම ශාකය නව ශාක විශේෂයක් බව තහවුරු කළහ.
මෙම කෙතල විශේෂයේ හටගන්නා පුෂ්පයේ බඳ කොටස අනෙක් කෙතල විශේෂවලට වඩා වෙනස් අකාරයෙන් තරමක් කුඩාවට විවෘත වන බව නිරීක්ෂණය කර තිබිණි. මෙම නව කෙතල විශේෂයට උද්භිද විද්‍යාත්මකව Lagenandra limbusleviterapertae නම තැබීමට හේතු වී ඇත්තේ ද එම ලක්ෂණයයි.
ලතින් භාෂාවෙන් limbus යනු බඳ යන්නයි. leviterapertae යනුවෙන් අදහස් කරන්නේ කුඩාවට විවෘතවීම යන්නයි. ඒ අනුව පුෂ්පයේ බඳ කුඩාවට විවෘතවන බැවින් Lagenadra limbusleviterapertae විශේෂ නාමය තැබීමට පර්යේෂකයෝ තීරණය කළහ.
මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය දායකත්වයෙනි. පේරාදෙණියේ පිහිටි ජාතික ශාකාගාරය ඇතුළු ශාකාගාර රැසක සහයෝගය මේ සඳහා ලැබී තිබේ. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය කොන්චි ගාන්ධි, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා ඇතුළු කණ්ඩායම පර්යේෂණය සාර්ථක කරගැනීමට සහාය ලබාදුන් බව ඉන්ද්රඛීල ඇතුළු පර්යේෂකයෝ කියති.
සිරංගිකා ලොකුකරවිට
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |