ලංකාවේ පළමුවරට මිරිස්වලින් අයිස් ක්‍රීම් හදයි

2024 ඔක්තෝබර් මස 18 ප.ව. 01:59 - {{hitsCtrl.values.hits}}  

මෙරට පළමුවරට මිරිස්වලින් නිෂ්පාදනය කරන ලද අයිස්ක්‍රීම් විශේෂයක්  හඳුන්වා දීමට නව නිපැයුම්කරුවෙකු වන වැලිමඩ, දරගල පදිංචි ලසන්ත රුවන් ලංකාතිලක මහතා  කටයුතු කර තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂි අංශ නවීකරණ වැඩ සටහනේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය යටතේ මෙම නිෂ්පාදනය එළි දක්වා ඇති අතර ඌව විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණික පීඨයේ මාර්ගොපදේශකත්වය යටතේ ඒ  පිළිබඳ පර්යේෂණ සිදු කර ඇත.

මෙම අයිස්ක්‍රීම් විශේෂය අතුරු නිෂ්පාදනයක් ලෙස බීජ ලබා ගැනීමට යොදාගන්නා වියළි මිරිස්වල පොත්ත උපයෝගි කර ගනිමින් සකස් කරනු ලැබේ. එසේම පැණි රස හා මිරිස් සැර එකට එක්වූ නවමු රසයකින් මෙම අයිස්ක්‍රීම් රස විඳිය හැකි බව නිපැයුම්කරුවා පෙන්වා දෙයි.

ඒ අනුව මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ලංකාතිලක මහතා සඳහන් කර සිටියේ දරුවන්ට හා වැඩිහිටියන්ට වශයෙන් නිෂ්පාදන විශේෂ 02ක් හඳුන්වා දී ඇති බවත්  ඉදිරියේ දී ඒවා වෙළෙඳපළට නිකුත් කිරීමට කටයුතු කරන බවත්ය.

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...