ලංකාවේ පළමු පිඩේ චෙස් ක්‍රීඩා උපදේශිකාව ලෙස සුනීතා වාර්තා අතරට

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 08:53 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවේ පළමු පිඩේ චෙස් ක්‍රීඩා උපදේශිකාව වීමේ ගෞරවය සුනීතා විජේසූරිය හිමිකර ගත්තාය. ඒ අන්තර් ජාතික චෙස් සම්මේලනය විසින් සුනීතා විජේසූරියට පිඩේ චෙස් ක්‍රීඩා උපදේශක තනතුර පිරිනැමීමත් සමගමය.

 මෙරට පිඩේ චෙස් ක්‍රීඩා උපදේශකයින් සිටියත්  මෙරට කාන්තාවකට  මෙතෙක් එවැනි චෙස් ක්‍රීඩා තනතුරක් හිමිව නොතිබුණු අවස්ථාවක සුනීතා විජේසූරියට ලංකාවේ පළමු කාන්තා පිඩේ උපදේශිකාව ලෙස කිරුලු පලදින්නට හැකිවූවාය.

මීට දශක දෙකතුනකට පෙර ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරිය ලෙස වසර දහයක් කාන්තා චෙස් කිරුළ දිනා ගැනීමට ද සුනීතා විජේසූරියට හැකියාව ලැබුණාය.

1992 වසරේ පිලිපීනයේ මැනිලා නුවර පැවති ලෝක ඔලිම්පියාඩ් චෙස් තරගාවලියේදී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට සුනීතා විජේසූරිය සමත්වූවාය.

මෙරට ජ්‍යෙෂ්ඨතම චෙස් කීඩා උපදේශිකාව වන සුනීතා විජේසූරිය ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතාගේ සොහොයුරියකි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...