ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේසේවාවන් රටේ දුෂ්කර පළාත්වලටත් - රාජ්‍ය අමාත්‍ය විශේෂඥවෛද්‍ය සීතා

2025 අප්‍රේල් මස 19 ප.ව. 08:03 - {{hitsCtrl.values.hits}}  

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සේවාවන්  රටේ දුෂ්කර පළාත්වලටත් ව්‍යාප්ත කරන බවත්, ඒ සඳහා අවශ්‍ය වන ප්‍රතිපත්තිමය හා උපාය මාර්ගික  කරුණු ඇතුලත් කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙසත් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය  විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය  එම ආයතනයේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළාය. අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ දින (18) රත්මලාන පිහිටි ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

විශේෂයෙන්ම එම ආයතනයේ පුහුණුව ලබන සිසුන්ගේ වෘත්තීය පුහුණුව ගුණාත්මක ලෙස ඉහල නැංවීමට අදාල වන  ගැටළු පිළිබඳව මෙන්ම ආයතනික ගැටළු පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙබඳු ආයතන දුෂ්කර පළාත්වලටද ව්‍යාප්ත කිරීමේ වැදගත්කමද  පෙන්වා දුන්නාය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...