2024 දෙසැම්බර් මස 22 ප.ව. 06:07 - {{hitsCtrl.values.hits}}
පෑන් නිෂ්පාදකයන් වසරකට මෙරට වෙළඳපලට පෑන් කොටි 12ක් එක් කරන බවත් එහි අන්තර්ගත ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් 80ක් බව ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධන පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ණ කාරක සභාවේදී , පසුගිය දිනක අනාවරණය කර තිබෙනවා.
පෑන් නිශ්පාදන ආයතන ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගී වෙමින් ඒ්පිළිබඳ කරුණු රැසක් අනාවරණය කොට තිබෙනවා. මෙරට නිශ්පාදනය කරනුලබන පෑන් වලට යොදා ගන්නා අමුද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමට අපහසු අතර ඒවා ප්‍රතිචක්‍රීකරණය කරනුලබන ආයතන ලංකාවේ නෙමැති බවත් ඔවුන් පවසා සිටිනවා.
එසේම පෑනක වටිනාකමින් වැඩි කොටස පෑනේ තීන්ත වලට හා පෑන් තුඩ සඳහා වැය වන බැවීන් පෑන් බටය නැවත භාවිතයට සැලැස්වීමේ ක්‍රමයක් ඇති කලද පෑන්වල මිල සැලකිය යුතු මට්ටමකින් අඩුකල නොහැකි බවද ඔවුන් පෙන්වා දුන්නා.
ඉන්දුමූර්ති ජයසූරිය
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |