2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 11:26 - {{hitsCtrl.values.hits}}
ජපානයෙන් ගෙනවිත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල භූමියේ රෝපනය කරන ලද සකුරා මල් ගසේ මේ දිනවල ඉතාමත් අලංකාර සකුරා මල් පිපී ඇතැයි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි.
2017 වසරේ ජපානයේ සිට ශ්‍රී ලංකාවට ජපන් ශ්‍රී ලංකා සහයෝගිතාව මත මහචාර්ය ආනන්ද කුමාර මහතා විසින් ගෙනවිත් අත්හදා බැලීමක් ලෙස ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලභූමියේ රෝපනය කරන ලද මෙම සකුරා මල් ගසේ අලංකාර සකුරා මල්කීපයක් පිපි තිබෙන බවද හෙතෙම කීය.
බදුල්ල ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය පිහිටි සරසවි භූමිය තුළ සකුරා මල් පැලවගා කිරීමට සුදුසු දේශගුණික තත්ත්වයත් පවතින බවට හැගී ගිය හෙයින් අත් හදා බැලීමේ පර්යේශනයක් ලෙස මෙසේ මෙම ජපානයෙන් ගෙන ආ සකුරා මල් පැලය රෝපනය කල බවත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා සදහන් කළේය.
මෙම සකුරා මල් ගසේ 2020 වසරේද මල් පිපුන බවත් , වසර තුනකට පසුව මෙවර ද එම සකුරා මල් ගසේ සකුරා මල් පිපි ඇතැයි උපකුලපතිවරයා කීහ .
විශේෂයෙන් බදුල්ල- ඇල්ල ප්‍රදේශ වල සකුරා මල් වගා කිරීමට සුදුසු දේශගුණික තත්ත්වයත් පවතින බවට අනාවරණය වීම නිසාවෙන් ජපානය මගින් ඇල්ල සංචාරක පුරවරයේ ජපානයට පමණක් සුවිශේෂී සකුරා මල් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව පවසන ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා මෙමගින් මෙරටට සංචාරක ආකර්ශනය වැඩිකර ගත හැකි බවද පැවසීය .
ජායාරූප ඇල්ල ප්‍රසාද් රුක්මල්
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |