2024 දෙසැම්බර් මස 22 ප.ව. 04:28 - {{hitsCtrl.values.hits}}
මෙවර තොරතුරු තාක්ෂණ ඔලිම්පියාඩ් තරගාවලියේදී The International Olympiad in Informatics (IOI) ලෝකඩ පදක්කමක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.
35 වැනි වරට පැවැත්වූ තොරතුරු තාක්ෂණ ඔලිම්පියාඩ් තරගාවලිය හංගේරියාවේදී පැවැත්වුණු අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගකරුවෝ සිව් දෙනෙක් ඒ සඳහා සහභාගි වූහ. එම කණ්ඩායම නියෝජනය කළ සිතිජ අභිෂේක් කොටුවේවත්ත විසින් මෙම ලෝකඩ පදක්කම දිනාගන්නා ලදි. තරගාවලිය සඳහා ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරමින් තරඟකරුවෝ 351ක් සහභාගි වූහ.
1989 දී ආරම්භ කළ තොරතුරු තාක්ෂණ ඔලිම්පියාඩ් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව 1992 සිට සහභාගිවන අතර 2007 වර්ෂය තෙක් තරගවලදී පදක්කම් ජයග්‍රහණය කර තිබුණි. මෙවර වසර 16 ට පසුව ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණ ඔලිම්පියාඩ් තරගාවලියේ පදක්කමක් හිමිවීම සුවිශේෂය.
තාක්ෂණ ඔලිම්පියාඩ් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ආදිත්‍ය නරසිංහ කටයුතු කළ අතර උප නායකයා ලෙස වෙනුදි දයාරත්න කටයුතු කළේය. සිතිජ අභිෂේක් කොටුවේවත්ත,ශිථිල මහබදුගේ,මිනිදු ජයසේකර සහ මින්දිය කරුණාසිංහ, කණ්ඩායමේ තරඟකරුවන් ලෙස සහභාගි වී ඇත.
තාක්ෂණ ඔලිම්පියාඩ් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරන ලද්දේ ලක්ෂිත් නිශ්ශන්ක අපිරාම් රාජමෝහන් සහ අෂාන් හංසක විසිනි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |