2025 ජනවාරි මස 15 ප.ව. 09:19 - {{hitsCtrl.values.hits}}
දිවයිනේ තෝරාගත් පාසල්වල හයවන ශ්‍රේනියේ සිට ඉහල පන්තිවල ඉගෙනුම ලබන වැඩිවිය පැමිණි සිසුවියන්ට ජුනි 06 දා සිට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම සඳහා තිළිණ පත් ලබා දීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව එම සිසුවියන්ට රුපියල් 600 වටිනා බැගින්වු කොටස් දෙකකින් යුත් රුපියල් 1200 වටිනා තිළිණ පතක් බැගින් ලබා දෙන බවත් එයින් පළමු කොටස ජුනි 06 දා සිට ජූලි 07 දක්වා ද දෙවන කොටස සැප්තැම්බර් 01 සිට 30 දක්වාද වලංගු වන බව මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.
මෙකී කාල සීමාවන් තුළදී අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙළඳ ආයතනවලින් මෙම තිළිණ පත් ලබාදී සනීපාරක්ෂක තුවා ලබා ගැනීමට සිසුවියන්ට හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
දිවයිනේ පහසුකම් අඩු දුෂ්කර ,අති දුෂ්කර සහ හුදෙකළා පාසල්වල ආර්ථික අපහසුතා සහිත අට ලක්ෂයක් පමණ සිසුවියන් සඳහා මෙම සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩ සටහන සඳහා රුපියල් බිලියනයක මුදලක් වැයවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |