විද්‍යාපීඨවලට අයදුම්පත්වල දෝෂ නිවැරදි කරන්න දින හතරක්

2025 අප්‍රේල් මස 19 ප.ව. 07:59 - {{hitsCtrl.values.hits}}  

2020 වර්ෂයේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ඇතුළත්වීම සඳහා අයදුම්පත් යොමුකිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගනු ලැබූ අතර, එසේ මාර්ගගත ක්‍රමයට ඉල්ලුම්කිරීමේ දී සිසුන්ට සිදුවූ වැරදි හෝ ප්‍රමාදදෝෂ නිවැරදි කිරීම සඳහා අවස්ථාවක් ලබාදීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව, 2020-09-26 දින සිට 2020-09-30 දක්වා දින හතරක කාලයක් ප්‍රමාදදෝෂ නිවැරදි කිරීම වෙනුවෙන් ලබාදීමට තීරණය කර තිබේ. අදාළ අයදුම්කරුවන් විසින් එම දිනයන් ඇතුළත අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වෙත හෝ www.moe.gov.lk හෝ info.moe.gov.lk යන වෙබ් සබැඳිය වෙත පිවිස, උසස් පෙළ විභාග අංකය ඇතුළත් කර  තමා විසින් ඇතුළත් කරන ලද දත්ත පරීක්ෂාකර එම සංශෝධන සිදුකළ හැකිය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...