ශ්‍රි ලංකා චෙස් ඉතිහාසය වෙනස් කරමින් ලෝක යොවුන් චෙස් තරගාවලියේ රන් පදක්කමක් ලංකාවට

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 08:45 - {{hitsCtrl.values.hits}}  

ඊජිප්තුවේ පැවති ලෝක යොවුන් චෙස් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පළමු වරට රන් පදක්කමක් දිනා ගනිමින් ප්‍රථම ස්ථානයට පත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකා ඔසිනි දේවින්ද්‍යා ගුණවර්ධන ශිෂ්‍යාව 10/28 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

මෙම තරගාවලිය ඊජිප්තුවේ රටවල් 75 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන්  ඉකුත් 10/14 දින සිට 10/27 දින දක්වා පවත්වා තිබුණි .

ඔසිනි දේවින්ද්‍යා ගුණවර්ධන කොළඹ මිචෙලි ජාත්‍යන්තර පාසැලේ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි .

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ජාත්‍යන්තර චෙස් තරගාවලියක දී රන් පදක්කමක් දිනා ගැනීමට හැකි වූ පළමු අවස්ථාව මෙය වේ .

ඇය අවුරුදු 13න් පහළ බාළිකා අංශයෙන් රන් පදක්කම දිනා ගනු ලැබුවාය.

ඔසිනි දේවින්ද්‍යා 10/28 දින උදෑසන 09.05 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 660 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

  ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා චෙස් සංගමයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතා ඇතුළු එම සංගමයේ නිලධාරීන් පිරිසක් , ඔසිනි දේවින්ද්‍යා ඉගෙනුම ලබන පාසැලේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන් සහ ඇයගේ ඥාතීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...