ශ්‍රී ලංකාවේ ප්‍රථම වීදි පුස්තකාලය

2025 මාර්තු මස 12 ප.ව. 09:15 - {{hitsCtrl.values.hits}}  

දෙරටක රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රථම නිදහස් වීදි පුස්තකාලය විවෘත කෙරේ. ශ්‍රී ලංකාවේ පකිස්තානු තානාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් කුමාර ෆාරුක් බුර්කා මහතා එම පුස්තකාලය විවෘත කර නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතාට පසුගිය දා භාරදුන්නේය.

කොළඹ 07, තුරඟ තරග පිටිය පරිශ්‍රයේ පිවිසුම් දොරටුව අසල පිහිටි මෙම පුස්තකාලය රුපියල් මිලියන 2.3 ක වියදමකින් පකිස්තානු රජය විසින් ඉදිකර තිබේ. මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසයි.

"නිදහස් විවෘත වීදි ආශ්‍රිත පුස්තකාලය" සහ "වීදි ආශ්‍රිත පුස්තකාලය" ලෙස හැදින්වෙන මෙය, විසිහතර පැයේම විවෘතව පවතියි. භාරකරුවකු හෝ ආරක්ෂකයකු නොමැතිව ක්‍රියාත්මක වන ස්වයං සේවා පුස්තකාලයක් වන මෙය ජාති, ආගම්, කුල - මල භේදයකින් තොර ඕනෑම අයෙකුට පරිහරණය කිරීමේ හැකියාව පවතියි. කැමති අයෙකුට, ඕනෑම භාෂාවකින්, ඕනෑම විෂයක් යටතේ ලියන ලද  පොත් මෙම පුස්තකාලයට පරිත්‍යාග කිරීමේ හැකියාව පවතියි.

මෙහි ඇති පොත් පුස්තකාලය පිහිටි පරිශ්‍රයෙන් බැහැරට ගෙනයාමට අවසර හිමි නොවන අතර,  දැනුම ලබාදීම, කෙටි කියවීම මෙන්ම දීර්ඝ කියවීම සඳහා අවස්ථාව සැලසීම මෙහි මූලික පරමාර්ථය වී තිබේ. සියලු පාඨකයන්ට පුස්තකාලය නොමිලේ පරිහරණය කිරීමේ අවස්ථාව ද හිමිකර දී ඇත.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...