ශිෂ්‍යත්වය සාර්ථකව පැවැත්වූවා - අධ්‍යාපන ඇමති

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 11:09 - {{hitsCtrl.values.hits}}  

අද, (11) වන දින 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කිසිදු ගැටළුවකින් තොරව පැවැත්වීමට හැකි වූ බවත් මේ පරිදි ම අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා ද හෙට දින දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත එවන ලෙස ත් ඒ සඳහා රජය මඟින් සියලු සෞඛ්‍ය, ආරක්ෂක සහ ප්‍රවාහන පහසුකම් සපයා තිබෙන බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවැසීය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ විභාගය පැවැත් වූ ස්ථාන පරීක්ෂා කිරීම සඳහා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට පැමිණීමෙන් අනතුරුව ය.

“අපි ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වෙනවා,දෙමාපියන්ට රජය පිළිබඳ විශ්වාසය තබා දරුවන් විභාගයට එවීමට කටයුතු කිරීම සම්බන්ධව, ලංකාව පුරා ම 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කිසිදු ගැටලුවකින් තොරව සාර්ථක ව නිමා වුණා. දෙමාපියන් අපට කතා කොට රජයට තමන්ගේ ස්තූතිය පුද කළා. ඒ සම්බන්ධයෙන් අප සතුටු වෙනවා.

දෙමාපියන් රජයෙන් ඉල්ලා සිටියා දෙවරක් ම කල් තැබුණු විභාගය නැවත කල් නොදමන ලෙසට. රජය ඊට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය , ආරක්ෂක , ප්‍රවාහන, අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් පාලන ආයතන සියල්ලේ ම සහයෝගය ඇතිව එකා මෙන් කටයුතු කර ඒ අභියෝගය ජය ලැබීමට හැකිවිය.

 උසස් පෙළ විභාගයත් හෙට සිට එනම් 2020/10/12 දින සිට නොවැම්බර් මස 06වන දින දක්වා පැවැත්වීමට කටයුතු සියල්ල සංවිධානය කරලයි තියෙන්නේ. ඒ නිසා කිසිදු සැකයක් ඇති කර නො ගෙන දරුවන් විභාගෙට එවන්න. ඒමෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා සෞඛ්‍ය ඇමතිනියට, සියලු ම සෞඛ්‍ය අංශවලට, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු සියලු ම කාර්යය මණ්ඩලයට, සියලු ම පළාත් පාලන ආයතනවලට , විභාග කොමසාරිස්තුමා ඇතුළු කාර්යය මණ්ඩලයට, සියලු ම ආරක්ෂක අංශවලට මේ දැක්වූ දායකත්වයට සහ කැපවීමට.”

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...