ශිෂ්‍යත්ව පිළිතුරුපත්‍ර ඇඟයීම අද සිට

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 10:59 - {{hitsCtrl.values.hits}}  

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අද (22) දිනයේ සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ හැර සෙසු ප්‍රදේශවල පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකරන බවය.

අද සිට ලබන 27 වන දින දක්වා ඇගයීම් මධ්‍යස්ථාන 39ක ඇගයීම් මණ්ඩල 391ක පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු සිදුකිරිමට නියමිතය.

සියලුම පරීක්ෂකවරුන් වෙත පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා ඇගයීම් මණ්ඩල වෙතට වාර්තා කිරීම සඳහා කෙටි පණිවිඩයක් මඟින් දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් යම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් 0112 78 52 31 , 011 2 78 52 16, 011 2 78 40 37 යන දුරකථන අංක මඟින් විමසීමක් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.  

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...