ශිෂ්‍යත්ව විභාගය 15 ඉරිදා

2024 නොවැම්බර් මස 17 ප.ව. 01:45 - {{hitsCtrl.values.hits}}  

පාසල්වලට සිසුන් තෝරා ගැනීමට හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට 5 ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849 කදී  මෙම මස 15 ඉරිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එදින පෙරවරු 09.30 සිට 10.45 දක්වා මෙම විභාගයේ  දෙවන ප්‍රශ්න පත්‍රයද  පෙරවරු 11.00 සිට 12.15 දක්වා පළමු ප්‍රශ්න පත්‍රයද පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව කියයි.

අයදුම්කරුවන්ගේ පැමිණීමේ ලේඛන මේ වන විට පාසල්වල විදුහල්පතිවරුන් වෙත තැපැල් මගින් යවා ඇති බවත් ඒවා ලැබී නැත්නම් විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk හා http://onlineexams.gov.lk යන නිල වෙබ් අඩවිවලින් බාගත කර ගත ගැනීමටත්  අයදුම්කරුවන්ගේ තොරතුරු සංශෝධන කිරීම අද (2) සිට මෙම මස 09 දා දක්වා මාර්ගගත ක්‍රමයට සිදුකර ගැනීමට විදුහල්පතිවරුන්ට  හැකි බවත්  විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...