2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 01:15 - {{hitsCtrl.values.hits}}
චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා ප්‍රථම වරට මිනිසුන් සහිතව කක්ෂගත කළ එරට ගගනගාමීන් තිදෙනෙකු රැගත් මාස තුනක ෂෙන්ෂෝ-12 අභ්‍යවකාශ මෙහෙයුම අවසන් කළ ගගනගාමීන් නිරුපද්‍රිතව පෘථිවියට පැමිණීමෙන් පසුව බිජිං නුවරදී මහත් හරසරින් පිළිගනු ලැබීය.
එරට වේලාවෙන් සැප්තැම්බර් 17දා පස්වරුවේ මෙම ගගනගාමීන් තිදෙනා රැගත් කැප්සූලය උතුරු චීනයේ අභ්‍යන්තර මොංගෝලියාවේ ස්වයං පාලන කලාපයේ ඩොංෆෙන් ප්‍රදේශයට පැරෂූටයක ආධාරයෙන් ගොඩබෑම සිදුවූ අතර, එය සාර්ථක හා චීන ජාතිකයන් තිදෙනෙකු දීර්ඝතම කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටි මෙහෙයුමක සාර්ථක අවසානයක් විය.
ෂෙන්ෂෝ-12 මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් වෙන්වීම සැප්තැම්බර් 16දා සාර්ථකව සිදුවුණි. ඒ අනුව නී හෙයිෂෙන්ග්, ලියු බෝමින් සහ ටෑං හොංබෝ යන ගගනගාමීන් දින 91ක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මධ්‍ය මොඩියුලයේ රැඳී සිටිමින් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිකිරීම්වල නිරත විය.
බීජිං වෙත විශේෂ ගුවන් යානයකින් පැමිණි ගගනගාමීන් ඔවුන්ව රැගෙන යන විශේෂ පුටුවල හිඳුවා ඔස්වාගෙන පැමිණියේ රතු පලස් මතිනි. එම අවස්ථාවේදී ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් විසින් මල්කලඹ දී ඔවුන් පිළිගනු ලැබීය. ෂෙන්ෂෝ-12 මෙහෙයුම චීනයේ අභ්‍යවකාශ මෙහෙයුම්වල වඩාත් සාර්ථකම අවස්ථාවක් බවට පත්වූයේ, ලෝකයේ වේගයෙන්ම අභ්‍යවකාශයද ජයග්‍රහණය කරන රාජ්‍ය බවට චීනය පත්වෙමින් ඇති නිසාය.
නරේන් විශ්වජිත්
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |