2024 නොවැම්බර් මස 17 ප.ව. 02:18 - {{hitsCtrl.values.hits}}
නීති දැඩි කිරීමෙන් පමණක් සමාජයක් සංවර්ධනය කළ නොහැකි බවත්, සමාජය තුළ ආකල්පමය වෙනසක් ඇතිකිරීම සඳහා කෙනෙකුගේ කුඩා කළ සිට ම පෙරපාසල්, දහම්පාසල්, පිරිවෙන් ඇතුළු ආයතන හරහා කටයුතු කළ යුතු බවත්, භික්ෂූන් වහන්සේලා ගුරු සේවයට ප්රවිෂ්ඨවීම කාලීන අවශ්‍යතාවක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.
සංවර්ධන නිලධාරී සේවයේ නියුතු උපාධිධාරී භික්ෂූන් වහන්සේලා ශ්‍රී ලංකා ගුරු සේවයට ඇතුළත් කරගැනීමට අදාළව නිකුත් කරන ලද 2020-01-03 දිනැති අමාත්‍යමණ්ඩල තීරණය අනුව, උපාධිධාරී භික්ෂූන් වහන්සේලා සහ සිල් මාතාවන් ඇතුළු 35 දෙනෙකු වෙත ගුරු පත්වීම් ප්රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
රටේ අධ්‍යාපන පද්ධතියෙන් රෝබෝවරුන් තනනු වෙනුවට සිරිත්, විරිත් හඳුනන, සංස්කෘතියට ආදරය කරන සංවේදී මිනිසුන් ගොඩනඟන්නට භික්ෂූන්වහන්සේලා ප්රමුඛ ආගමික සංස්ථාවට සැබෑ දායකත්වයක් ලබා දිය හැකි බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |