සත්වෝද්‍යාන හා වනෝද්‍යාන විවෘතයි

2025 අප්‍රේල් මස 07 ප.ව. 09:26 - {{hitsCtrl.values.hits}}  

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසාදමා තිබූ දෙහිවල ජාතික සත්වෝද්‍යානය ද අද සිට සංචාරකයින් වෙනුවෙන් විවෘතව තැබෙනවා.

එමෙන්ම  සියලුම ජාතික වනෝද්‍යාන ද නැරඹිමේ අවස්ථාව  අද සිට උදාකර තිබෙනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් වසාදමා තිබූ දෙහිවල ජාතික සත්වෝද්‍යානය අද සිට මහජනතාව වෙනුවෙන් විවෘතව තැබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ මාර්ගෝපදේශවලට යටත්ව එය විවෘතව තැබෙන බවයි බලධාරීන් ප්‍රකාශ කළේ. නරඹන්නන්ගේ ධාරිතාව 25% කට සීමා කරමින් උදෑසන 8.30 සිට සවස 5 දක්වා ජාතික සත්වෝද්‍යානය විවෘතව තැබීමට බලාපොරොත්තු වන බව සත්වෝද්‍යාන බලධාරීන් පවසනවා.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ජාතික වනෝද්‍යාන නිරෝධායන නීතින්වලට අනුගත වෙමින් අද සිට විවෘතව තැබෙනවා. මින්නේරිය , කවුඩුල්ල ,ගිරිතලේ ,සෝමාවතිය , අංගමැඩිල්ල , වස්ගමුව මෙන්ම මාදුරුඔය වනෝද්‍යාන නැරඹීමට අද සිට සංචාරකයින්ට අවස්ථාව ලබාදී ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව් එම්. කේ. එස් චන්ද්‍රරත්න මහතා ප්‍රකාශ කළේය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...