සඳුදා සිට පාසල් යළි විවෘතයි

2025 ජනවාරි මස 16 ප.ව. 02:25 - {{hitsCtrl.values.hits}}  

එළැඹෙන සඳුදා (25දා) සිට  පාසල් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එළැ‍ඹෙන 21දා සිට යළි පාසල් ආරම්භ කිරීමට නියමිතව පැවති නමුත් රට තුළ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වය සලකා 2022.07.25 සඳුදා දින සිට පාසල්  නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 එලෙස පාසල් ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන  අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජය/සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලුම විදුහල්පතිවරුන් වෙත උපදෙස් මාලාවක් යොමුකර ඇති අතර,  ඒ අනුව සියලු පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...