සබරගමු පාසල් 21ට සුහුරු පංති කාමර 30ක්

2025 ජනවාරි මස 16 පෙ.ව. 05:17 - {{hitsCtrl.values.hits}}  

සබරගමු පළාතේ පාසල් විසි එකක සුහුරු පංති කාමර තිහක් ආරම්භ කිරීමට කටයුතු කර ඇතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඊයේ (21දා) සදහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ මෙනේරිපිටිය සබරගමුව අධ්‍යාපන, පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ පැවති දැනුවත් කිරීමේ සහ උපකරණ බෙදා දීමේ වැඩසටහනකට එක් වෙමිණි.

සාමාන්‍ය අධ්‍යාපන නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ඉංග්‍රීසි ගණිත ක්‍රියාකාරකම් වලට අදාලව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

මේ යටතේ පාසල් 21 ක් සදහා ලැප්ටොප් වර්ගයේ පරිගණක 800ක් ඇතුළු සෙසු උපකරණ ප්‍රදානය කිරීමක් ද  සිදු විය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ආර්.රංජිත්, පළාත් අධ්‍යාපන ලේකම් සුජානී විජේතුංග, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...