2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 07:30 - {{hitsCtrl.values.hits}}
සමුද්‍ර දූෂණය වැළැක්වීම සඳහා අන්‍යෝන්‍ය ආයතන හා එක්ව සාමූහික තීරණයන්ට එළඹීම පහසු කරළීම සඳහා 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසීය.
හෙතෙම සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් විෂය පිළිබඳ වූ විද්වතුන් සම්බන්ධ කර ගනිමින් පැවැත්වෙන බවයි.
එමගින් වෙරළ කළමනාකරණ හා වෙරළසංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතන හා එක්ව සමුද්‍ර පරිසරය ආරක්ෂා කිරීම සඳහා තවදුරටත් මෙම පනත උපයෝගී කරගත හැකි වනු ඇති බවද ආචාර්යවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව සාගරයට කුණු දැමීමේදී ස්ථානීය දඩයක් නියම කළ හැකි ආකාරයෙන් අදාළ පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය. (WMDJBM)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |