2024 නොවැම්බර් මස 18 පෙ.ව. 10:12 - {{hitsCtrl.values.hits}}
සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම සහ ප්‍රතිකාර (TCM) කොවිඩ්-19 වෛරසයට එරෙහිව ඵලදායී බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) විශේෂඥයන් විසින් සොයාගෙන ඇති අතර, ඔවුන් නවතම වාර්තාවකින් පෙන්වා දී ඇත්තේ පවතින ප්‍රතිකාර TCM සමග ලබාදීම නිර්දේශ කරන බවයි.
කොවිඩ්-19 සඳහා ප්‍රතිකාර කිරීමේදී TCM හි ඵලදායීතාව ඇගයීම සඳහා වූ විශේෂඥ රැස්වීමකින් පසු WHO වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද වාර්තාව මගින් පෙන්වා දී තිබුණේ, TCM ආරක්ෂිත ප්‍රවේශයක් වන අතර, කොවිඩ් වසංගතයේ මෘදු, මධ්‍යස්ථ සිට දරුණු අවස්ථා දක්වා ප්රගතියේ අවදානම අඩු කළ හැකි බව යෝජනා කරන බවයි.
තෙදින රැස්වීම අන්තර්ජාලය හරහා පැවැත්වුනු අතර ජාත්‍යන්තර විශේෂඥයන් 21දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන් TCM ප්‍රතිකාරයට අදාළ සසම්භාවී පාලිත පරීක්ෂණ 12ක ප්‍රතිඵල සමාලෝචනය කර පසුව මෙම වාර්තාව සකස් කර තිබුණි.
එහිදී, වැඩිදුර දත්ත පෙන්නුම් කරන්නේ TCM වෛරසය ගුණනය සඳහා කාලය කෙටි කළ හැකි අතර, කලින් ලබාදීමෙන් වඩා හොඳ සායනික ප්‍රතිඵල ඇති විය හැකි බවය. නමුත් බරපතල රෝගීන් සඳහා ප්රතිලාභ පිළිබඳ සාක්ෂි සීමිත වන අතර වැඩිදුර ඇගයීම අවශ්‍ය බවද සඳහන් කර තිබුණි.
මේ තත්ත්වය තුළ වාර්තාව මගින් WHO සාමාජිකයින්ගේ කොවිඩ්-19 පාලන පද්ධතියට TCM මැදිහත්වීම් නිර්දේශ කළ නමුත්, නවීන වෛද්‍ය විද්‍යාව සමඟ TCM ඒකාබද්ධ කරමින් භාවිත කරන ක්‍රමවේදය නිර්දේශ කර ඇත.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |