හිරෝෂිමා සාම සම්මානය දෙවැනි වරටත් වේයන්ගොඩ බණ්ඩාරනායකයට

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 07:45 - {{hitsCtrl.values.hits}}  

ජපානයේ ‘හිරෝෂිමා’ ආයතනය ජපන් විදේශ සම්බන්ධතා පිළිබඳ අමාත්‍යාංශය සමඟ එක්ව 5 වැනි වතාවට සංවිධානය කළ ළමා ලෝක සාම සමුළුවේ කථික තරගයෙන් වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහ විදුහලේ කවීෂි යශෝධරා දිවානන්ද සිසුවිය ළමා ලෝක සාම සම්මානය හිමිකරගෙන ඇත.  පසුගිය වසරේ ළමා ලෝක සාම සමුළුවේදී එම විදුහලේම ඉගෙනුම ලබන කස්මිරා ජයවීර සිසුවියට ළමා ලෝක සාම සමුළුවේ ජයග්‍රාහිකාව ලෙස මෙම අන්තර්ජාතික සම්මානයම ලැබිණි. 

මේ අනුව පිට පිට දෙවැනි වතාවට වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ  සිසුවියකට මෙසේ නැවතත් එම අන්තර්ජාතික සම්මානය ලැබී ඇත.  රටවල් 7කින් තෝරාගත් සිසුන් 11 දෙනකු ජපානයේදී සමුළුව අමතමින් සාම දේශනය ඉදිරිපත් කර ඇති අතර එහිදී ශ්‍රී ලාංකික සිසුවියට පළමු ස්ථානය ලැබී ඇති බව  විදුහලේ විදුහල්පති ඩී.එච්.එස්.ඩී. සෝමරත්න මහතා ‘විජයට’ පැවැසීය.

වේයන්ගොඩ බණ්ඩාරනායක පාසල ජාත්‍යන්තර සිසුන් තැනීමට විශේෂ වැඩසටහනක් සකස් කර ඇති බවත් පවතින විෂය නිර්දේශය ඇතුළත ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපන කටයුතු කිරීමට හා පන්ති කාමරය තුළ කතාබහ කිරීමට පාසල් සිසුන් 6 වසරේ සිටම යොමු කරන බවත් විදුහල්පතිවරයා කීවේය.

එසේම 6 වසරේ සිට සෑම දෙනාටම කේම්බි්‍රජ් විභාගය සඳහා සූදානම් වීමට අවස්ථාව ලබාදී ඇති බවත් පන්තිභාර ගුරුවරු ලෙස ඉංග්‍රීසි භාෂා ගුරුවරු පත් කර ඇති බවත් කී හෙතෙම, ගෝලීය මට්ටමේ සමුළු සහ තරග අවස්ථා ගැන සෙවීමට මෙන්ම ජාත්‍යන්තර පුද්ගලයන් ලෙස සිසුන් තැනීමට ගුරුවරුන් අතරින් බුද්ධි මණ්ඩලයක් (Think tank) ගොඩනඟා ඇති බව පැවැසීය. 

Kaweishi Yashodhara Divananda, a student of Wayangoda Bandaranaike Central High School, has won the Children’s World Peace Award in the speech competition at the 5th Children’s World Peace Conference, organized by the Hiroshima Institute of Japan in collaboration with Japan’s Ministry of Foreign Affairs. Last year, Kasmira Jayaweera, also a student of the same school, received this prestigious award as the winner of the Children’s World Peace Conference.

This marks the second consecutive year that a student from Wayangoda Bandaranaike Central High School has won this international award. Eleven students from seven countries delivered speeches at the conference in Japan, where the Sri Lankan student secured first place, the school’s principal, D.H.S.D. Somaratne, told CW.

The principal also mentioned that Wayangoda Bandaranaike School has implemented a special program aimed at developing students with an international outlook. As part of the existing curriculum, students are encouraged to study and converse in English from the 6th grade onward.

Furthermore, students are given the opportunity to prepare for the Cambridge exams starting from the 6th grade, with English language teachers appointed as tutors to support their progress.

කටුනායක – ටී.කේ.ජී. කපිල
දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...