හෝර්ටන්තැන්න නැරඹ්මේ ප්‍රවේශපත් නිකුත් කිරිම ප.ව 2ට අවසන්

2024 නොවැම්බර් මස 18 පෙ.ව. 07:17 - {{hitsCtrl.values.hits}}  

හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹිම සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට පිවිසිමට ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම දිනපතා පස්වරු 2න් පසු අත්හිටුවිමට තිරණයක් ගෙන ඇති බව හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පි.කේ.එම්.පි.ප්‍රදිප් කුමාර මහතා පැවසිය.

ලෝකාන්තය ,බේකර්ස් ඇල්ල ඇතුළු හොර්ටන්තැන්න වනෝද්‍යානයේ සුන්දරත්වය නැරඹිම සදහා සංචාරකයින්ට  කිලෝමිටර 8ක  දුර පාගමනින්  යායුතු බවත්, එ සදහා අවම වශයෙන් පැය හතරක පමණ කාලයක් ගත වන බැවින් පස්වරු 2 න් පසු එ සදහා ප්‍රවේශපත්‍ර නිකුත් කළහොත් පස්වරු 6 න් පසු සංචාරකයන්ට වනෝද්‍යානයේන් ඉවතට ඒමට නොහැකි නිසා මෙම තිරණය ගත් බවයි ප්‍රදිප් කුමාර මහතා කියාසිටියේ.

පස්වරු 2 න් පසු හොර්ටන්තැන්නේ ලෝකාන්තය සහ බේකර්ස් ඇල්ල යන ස්වාභාවික ස්ථාන නැරඹිමට ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බවත්,  හොර්ටන්තැන්න නැරඹිමට සහ හොර්ටන්තැන්නේ සුන්දරත්වය නිදහසේ නැරඹිමට උදැසනම හොර්ටන්තැන්නට පැමිණෙන ලෙසයි ප්‍රදිප් කුමාර මහතා සංචාරකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.

හොර්ටන්තැන්නේ වෙසෙන ගොනුන් , දිවියන් ඇතුළු හොර්ටන්තැන්නට ආවේණික වු සතුන්ට නිදහසේ සැරිසැරිමට ඉඩ අවකාශය ලබා දිම සදහා සවස 6න් පසු හොර්ටන්තැන්නට ඇතුල්විමට කිසිවෙකුටත් අවසර ලබා නොදෙන බව ප්‍රදිප් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය. 

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...